ඉදිරි පැය 36 සඳහා කාලගුණ අනාවැකිය- පළාත් කිහිපයකට පස්වරු 2.00න් පසු ගිගුරුම් සහිත වැසි

Report

ඉදිරි පැය 36 සඳහා වන සාමාන්‍ය කාලගුණ අනාවැකියට අනුව දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

2026 සැප්තැම්බර් 09 වැනිදා පස්වරු 4.00ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, අකුණු අනතුරු ඇතිවීමේ අවදානමක්ද පවතී.

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

සුළු මොහොතකට පෙර මේ පළාත්වල ජනතාවට දැනුම්දීමක් - අද 2න් පස්සේ ප්‍රවේශම් වන්නැයි දන්වයි

ඒ හේතුවෙන් අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාරුණිකව ඉල්ලා සිටී.

විශේෂයෙන් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල විවෘත ප්‍රදේශවල රැඳී සිටීමෙන් වැළකී, ආරක්ෂිත ස්ථානයක රැඳී සිටීම වැදගත්ය.