හදිසි අවස්ථාවකදී ඉක්මනින් පොලීසිය ගෙදරටම: Sri Lanka Police App එකේ SOS පහසුකම මෙන්න

Report

හදිසි අවස්ථාවකදී කඩිනමින් පොලිස් සහාය ලබාගැනීම සඳහා ඔබේ ජංගම දුරකථනයේ තිබිය යුතු වැදගත් පහසුකමක් පිළිබඳව දැනුවත්ව සිටීම ඉතා වැදගත්ය. මාර්ග අනතුරක්, ආරක්ෂාවට තර්ජනයක් හෝ වෙනත් හදිසි තත්ත්වයකට මුහුණ දීමට සිදුවුවහොත්, ඉක්මනින් පොලිස් සහාය ලබාගැනීම සඳහා Sri Lanka Police App හි SOS පහසුකම භාවිත කළ හැකිය.

මෙම යෙදුමේ Home Screen හි පහළ මැද ප්‍රදේශයේ රතු පැහැති “SOS” බොත්තම පහසුවෙන් හඳුනාගත හැකි ආකාරයෙන් සකස් කර තිබේ. SOS පහසුකම භාවිත කරන්නේ මෙලෙසයි

01. Sri Lanka Police App එක ස්ථාපනය කරගන්න Google Play Store වෙත පිවිස “Sri Lanka Police” යන යෙදුම සොයා ඔබේ ජංගම දුරකථනයට බාගත කර ස්ථාපනය කරගන්න.

02. App එක විවෘත කරන්න යෙදුම විවෘත කළ පසු Home Screen වෙත පිවිසෙන්න. එහි Police News, Emergency Hotline, Station Finder සහ E-Services ඇතුළු විවිධ සේවාවන් සමඟ SOS බොත්තමද දැකගත හැකිය. 03. හදිසි අවස්ථාවක SOS තෝරන්න ඔබට හෝ ඔබ අසල සිටින පුද්ගලයෙකුට හදිසි පොලිස් සහාය අවශ්‍ය වූ අවස්ථාවක රතු පැහැති SOS බොත්තම තෝරාගත හැකිය.

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් ගැන පොලිසියෙන් විශේෂ නිවේදනයක්

04. ලබාදෙන උපදෙස් අනුගමනය කරන්න SOS බොත්තම තේරීමෙන් පසු යෙදුම මඟින් පෙන්වන උපදෙස් අනුව අවශ්‍ය පියවර සම්පූර්ණ කළ යුතුය. Location වැනි අවසර ඉල්ලා සිටින අවස්ථාවලදී, සේවාව නිසි ලෙස ක්‍රියාත්මක වීම සඳහා අදාළ අවසර ලබාදී තිබීම වැදගත්ය.

05. ඔබේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය දෙන්න SOS ඉල්ලීම ක්‍රියාත්මක කරන අතරතුර හැකි නම් අනතුරුදායක ස්ථානයෙන් ඉවත් වී ආරක්ෂිත ස්ථානයකට යාමට උත්සාහ කරන්න. ජීවිත අවදානමක් පවතින අවස්ථාවකදී පළමුව ඔබේ ආරක්ෂාව තහවුරු කරගැනීම වැදගත්ය

 ⚠️ වැදගත් දැනුම්දීමක්

දැනට මෙම SOS සේවාව කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ. SOS පහසුකම භාවිත කිරීමේදී ඔබ සිටින ස්ථානය ලබාදීම අවශ්‍ය වන බැවින්, එය අත්හදා බැලීමට, විහිළුවකට හෝ ව්‍යාජ හදිසි අවස්ථා සඳහා භාවිත නොකරන ලෙස අවධාරණය කෙරේ.

ඩොලරය නැවතත් ඉහළට- ප්‍රධාන බැංකුවල අද අලුත්ම ඩොලර් අනුපාත මෙන්න

ඩොලරය නැවතත් ඉහළට- ප්‍රධාන බැංකුවල අද අලුත්ම ඩොලර් අනුපාත මෙන්න

සැබෑ හදිසි අවස්ථාවකට මුහුණ දෙන පුද්ගලයෙකුට කඩිනමින් සහාය ලබාදීමට හැකි වන පරිදි හදිසි සේවාවන් වගකීමෙන් සහ නිවැරදිව භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමකි.

Gallery