පාන් ගෙඩියකින් සේවකයෙකුගේ ඇගිලි සමෙක කොටසක් [PHOTOS]

By Shehan Sep 26, 2025 03:39 PM GMT
Report

හැටන් නගරයේ බේකරියකින් ඊයේ (25) රුපියල් 180කට මිලදී ගත් පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට හමුවී ඇත.

එම පාරිභෝගිකයා රාත්‍රී ආහාරය සඳහා පාන් ගෙඩිය භාවිතා කිරීමට යාමේදී මෙම තුවාල සහිත සමේ කොටස හමුවීමත් සමඟ, ඔහු පාන් ගෙඩියත්, එහි තිබූ තුවාල සහිත ඇගිලි කොටසත් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට භාර දී ඇත.

හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් එම බේකරියේ නිෂ්පාදන කටයුතු අපිරිසිදු ලෙස පවත්වාගෙන යන බවට මීට පෙර අවස්ථා කිහිපයකදී හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බේකරියේ හිමිකරුට එරෙහිව නඩු පවරා දඩ මුදල් අයකර ඇති බව පවසා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ බේකරි හිමිකරුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කර ඇත.


 

GalleryGalleryGallery