රටම හඬවා සමුගත්ත ප්‍රවීණ සංගීතඥ රාජු බණ්ඩාරගේ අවසන් කටයුතු පිළිබඳ දැනුවත් කිරීමක්
By Kaushi
අභවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සහ සංගීතඥයෙකු වන රාජු බණ්ඩාරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (17) දින පස්වරුවේ බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇති බව සඳහන්.
ඒ අනුව දේහය අද උදෑසන 10.00ට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තැබීමට නියමිතව ඇත.
කාලයක් රෝගාතුරව සිටි රාජු බණ්ඩාර ඊයේ (15) දින පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රාප්ත වන විට 65 වන වියේ පසු විය.
අහසේ පොළොවේ සාගරේ දස්කම් පෑ, අවන්හලේ, මා ආදරෙයි මුළු ලොවටත් වඩා, රන් සීනු නාද දෙයි, ළදුනේ, හද ගී පොතේ පිටුවක් ලියා, කවුදෝ මගේ ලොවේ, රෝස මල් කුමාරි රාජු බණ්ඩාර ගැයූ ගීත අතර වඩා ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ.