බිළිදාගේ පෙකණි වැල කියලා ඇගිල්ල කපලා - මොන අපරාධයක්ද

Report

චීනයේ රෝහලකදී සීසර් සැත්කමකින් පසු බිළිඳෙකුගේ පෙකණි වැල කපන අවස්ථාවේදී වින්නඹු මාතාවකගේ අතින් අත්වැරදීමකින් බිළිඳාගේ ඇඟිල්ලක් කැපී ගොස් ඇත.

නැගෙනහිර චීනයේ ජියැංසු ප්‍රාන්තයේ රෝහලකදී පසුගිය දෙසැම්බර් 25 වනදා මෙම සිදුවීම සිදුවූ අතර බිළිඳාගේ පියා පවසන්නේ දරුවා උපත ලබා පැය දෙකකට පසු තම දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් කැපී ඇති බව රෝහලෙන් දැනුම් දුන් බවයි.

මත්වතුර බොන අයට මැරෙන්නද වෙන්නේ? භයානක හෙළිදරව්වක්

මත්වතුර බොන අයට මැරෙන්නද වෙන්නේ? භයානක හෙළිදරව්වක්

පෙකණි වැල කපන අවස්ථාවේදී බිළිඳාගේ ඇඟිල්ල හදිසියේ චලනය වීම නිසා මෙම වැරැද්ද සිදුවූ බව රෝහල් බලධාරීන් පවසා ඇති අතර පසුව සැතපුම් 300ක් පමණ ඈතින් පිහිටි වෙනත් රෝහලකට බිළිඳා රැගෙන ගොස් කැපී ගිය ඇඟිල්ල යළි බද්ධ කිරීමේ සැත්කමක් සිදු කර ඇත.

අදාළ වින්නඹු මාතාවගේ සේවය ද අත්හිටුවා ඇති අතර රෝහල මේ සම්බන්ධයෙන් පවුලේ අයගෙන් සමාව ඉල්ලා වන්දි මුදලක් ගෙවීමට ද එකඟ වී ඇත.