දේශපාලන කරළිය උණුසුම් කරමින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරට එරෙහිව විශ්වාසභංගයක්

Report

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් භාරදී ඇති බව විපක්ෂය පවසයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා මේ බව තහවුරු කරමින් සඳහන් කළේ, අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු නියමයන්ට අනුකූලව කථානායකවරයා වෙත භාරදුන් බවයි. එම යෝජනාවට විපක්ෂයේ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන්ගේ සහාය හිමිව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.

විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීම සහ එය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම කථානායකවරයාගේ බලතල සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව සිදුකරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඒ අනුව, යෝජනාව විවාදයට ගැනීම සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී තීරණයක් ප්‍රකාශයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද ඩොලරයට වුණු දේ - වාණිජ බැංකු නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත මෙන්න

අද ඩොලරයට වුණු දේ - වාණිජ බැංකු නිකුත් කළ අලුත්ම විනිමය අනුපාත මෙන්න

විපක්ෂය පවසන්නේ අධිකරණ අමාත්‍යවරයාගේ කාර්යභාරය හා ඇතැම් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතළ ගැටලු පවතින බවත්, ඒ හේතුවෙන් ඔහු කෙරෙහි විශ්වාසය තවදුරටත් තැබිය නොහැකි බවත්ය.

එම හේතු පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට පියවර ගත් බව විපක්ෂ නියෝජිතයන් සඳහන් කර තිබේ.