A9 මාර්ගයේ බිහිසුණු අනතුරක් -සුඛෝපභෝගී බස් රථයක් ලොරියක ගැටෙයි
By Kanchana
යාපනය - මහනුවර (A9) ප්‍රධාන මාර්ගයේ මරදන්කඩවල මිදිවත්ත ප්‍රදේශයේදී සුඛෝපභෝගී මගී බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරකට ලක්ව තිබේ .
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී මගී බස් රථය, ඊට ඉදිරියෙන් ගමන්ගත් මාර්ගයේ දකුණු පසට හැරවමින් තිබූ ලොරි රථයක පිටුපස බදෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කර තිබේ
අද (21) සිදුවූ අනතුරින් අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා කැකිරාව මූලික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර සඳහා යොමුකර ඇත මෙම අනතුර පිළිබද මරදන්කඩවල පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.