ජය පැරදුමෙ තීරණාත්මක දවස අදයි..
By Piyumika
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තෙවන සහ අවසන් 20යි 20 තරගය අද (17) පැවැත් වේ.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගය රාත්‍රී 7.00ට ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පැවති තරග දෙක එකට එකක් ලෙස ජය ගනිමින් කණ්ඩායම් දෙකම සම තත්ත්වයේ පසුවන බැවින් මෙම තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වේ.
පළමු 20යි 20 තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 5කින් ජයගත් අතර දෙවන තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 73කින් ජය ලබාගත්තේය.