දිවා ආහාරයට තරගය නවත්වද්දී කරට කර තියුණු සටනක් [VIDEO]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 88ක් රැස්කරගෙන සිටියේය.
ඉන්දීය ඉනිමේදී යෂස්වි ජයිස්වාල් ලකුණු 45ක් රැස්කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ අතර, කේ.එල්. රාහුල් ලකුණු 18ක් ලබා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර එක් කඩුල්ල බැගින් දවාගෙන සිටිති.
දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට දෙව්දත් පඩික්කල් සහ ඉන්දීය නායක ශුබ්මන් ගිල් නොදැවී පන්දුවට පහරදෙමින් සිටියහ. මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායම වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර, දඟ පන්දු යවන සාරන්ෂ් ජේන්ට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
ඔහු කුල්දීප් යාදව් වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමද වෙනස්කම් සහිතව තරගයට එක්ව ඇති අතර, කමිල් මිශාරට සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ. පසිඳු සූරියබණ්ඩාරද ශ්‍රී ලංකා අවසන් ක්‍රීඩකයන් 11 දෙනා අතරට එක්කර ඇත.
දෙරට අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඉන්දියාව ලකුණු 165කින් ජයගත් අතර, ඒ අනුව ඉන්දියාව තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.