රණවිරු සැමරුමේ ජනපති කිව්ව කතාවට මම එකග නෑ - සරත් ෆොන්සේකා
ජාතික රණවිරු සැමරුම් දිනයේදී ජනාධිපති අනුර දිසානායක මහතා කළ "සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කළා" යන ප්‍රකාශයට තමන් එකඟ නොවන බව හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ රූපවාහිනි සාකච්ඡාවකට එක්වෙමින්ය.
"සාමය සඳහා ශ්‍රී මහා බෝධියට ගහන්න බෑ. සාමය සදහා දළදා මාලිගාවට ගහන්න බෑ. ඒ ප්‍රභාකරන් හැසුරුනු ආකාරය අනුව කිසිම කෙනෙක් විශ්වාස කරන්නෑ. මූ මේ සාමයටනෙ එන්නෙ කියල."
"මම ඉතින් අහගෙන හිටිය. ඉතිං එතුමාගේ මතය හේතුව ප්‍රකාශ කරනවා. පිස්සෙක් නෙවෙයිනෙ ඕක වැරදියි ඕයි කියල උඩ පනින්න"
යැයි ඔහු අදහස් ප්‍රකාශ කළා.