රුසියානු යුක්රේන යුද්ධය නිසා ලංකාවට තවත් ගැටලුවක්..!

Sri Lanka Agriculture Russian Gotabhaya Rajapaksha Fertilizer Ukrain
By Sewvandhi Apr 11, 2022 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ පවතින ඩොලර් හිඟයට අමතරව රුසියානු - යුක්‍රේන අර්බුදය හේතුවෙන් මෙරටට පොහොර ආනයනය කිරීමට බාධා එල්ල වී තිබේ.

මෙරට තුළ භාවිත කරන පොහොර වර්ග රැසක් බෙලරූස් රාජ්‍යයෙන් ආනයනය කරනු ලබන අතර පවතින යුදමය වාතාවරණය හමුවේ එම පොහොර නැව්ගත කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ගොවින් සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් නිෂ්පාදනය කරනු ලබන පොහොර ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

ඒ අනුව දේශීයව නිපදවනු ලබන කාබනික පොහොර, දියර පොහොර සහ ක්ෂුද්‍රජීවීන් යොදාගනිමින් සකස් කරගත් පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා දිවයින පුරා බෙදාහැරීමට පියවර ගෙන ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර ගොවීන් විසින් මිලදී ගනු ලබන රසායනික පොහොර සඳහා සහනාධාර මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now