2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට

Report

61 වැනි වරටත් පැවැත්වුණු Femina Miss India World 2026 තරඟයේදී ඉන්දියාවේ නව රූ රැජිණ ලෙස කිරුළ පැළඳීමට සාධ්වී සතිෂ් සේල් සමත් වී තිබේ.

ගෝව ප්‍රාන්තය නියෝජනය කළ ඇය, ඊයේ (18) අති උත්කර්ෂවත් අන්දමින් පැවති අවසන් මහා තරගයේදී මෙම ජයග්‍රහණය හිමි කරගෙන ඇත.

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට | Femina Miss India World 2026

සාධ්වී සතිෂ් සේල් නිරූපිකාවක් වීමත් සමඟ සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටින අතර, දරුවන්ගේ සුභසාධනය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් අරමුදල් රැස් කිරීම ඇතුළු කටයුතු වල නිරතව සිටී.

ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් තුළින් ඇයගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතයේ විවිධ පැතිකඩ දැකගත හැකි අතර, විශේෂයෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සහ ශ්‍රවණ හා කථන ආබාධ සහිත දරුවන්ට සහය වීම සඳහා ඇය දක්වන කැපවීම ඉන්දියාවේ විශාල ප්‍රශංසාවක් දිනාගෙන ඇත.

2026 ඉන්දීය රූ රැජිණ කිරුළ සාධ්වී සතිෂ් සේල්ට | Femina Miss India World 2026