ආරච්චිකට්ටුව සභාපති "බූරුවා" කියලා බැනපු නිසා සජබේ මන්ත්‍රීවරිය ඉල්ලා අස්වෙයි

Report

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා සභාපතිවරයා බැන තර්ජනය කර සභාවෙන් පළවා හැරියේ යැයි කියන සිද්ධිය හේතුවෙන් සමගි ජන බලවේගයේ සභිකවරිය ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඒ අනුව මෙසේ ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ළාබාලතම සභිකවරිය වන සමගි ජන බලවේගයේ මන්ත්‍රීනී නිකිනි අයෝධ්‍යා (21) යි.

අද (13) දින පස්වරුවේ හලාවත සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරිය මේ බව පවසා ඇත.

එහිදී පළාත් පාලන ආයතන කාන්තා සංසදය මඟින් අඳාළ මාධ්‍ය හමුව කැඳවා තිබු අතර එයට සමගි ජන බලවේගය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් සභිකවරියන් පැමිණියා.

ආරච්චිකට්ටුවේ සභාපති සජබේ මන්ත්‍රීවරියකට 'බූරුවා' කියලා බැනලා - ඇගෙන් පොලිසියට පැමිණිල්ලක්

ආරච්චිකට්ටුවේ සභාපති සජබේ මන්ත්‍රීවරියකට 'බූරුවා' කියලා බැනලා - ඇගෙන් පොලිසියට පැමිණිල්ලක්

එම අවස්ථාවේදී එම සංසදයේ සභාපතිනි දිලියා ප්‍රනාන්දු සඳහන් කළේ කාන්තාවකට ‘බුරු දෙන’ ලෙසින් ප්‍රකාශ කිරීම තරයේ හෙළා දකින බවයි.

ඒනිසා මෙම සභාපතිවරයා වහාම මානසික රෝග වෛද්‍යවරයෙකුට පෙන්වා සධාරණයක් කරන' ලෙස ද මෙහිදී ඇය ඉල්ලීමක් කර ඇත.

ඊයේ (12) පස්වරුවේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර තමන්ට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ අනුව ඇය පොලිසියට ඉදිරිපත් කළ අඳාළ පැමිණිල්ලේ සඳහන් වූයේ ‍තමන් ප්‍රාදේශීය සභාවට ගිය විට සභාපතිවරයා තමන්ට බැන නැවත සභාවට නොපැමිණෙන ලෙසට තර්ජනය කිරීමක් කළ බවයි. මෙහිදී ආරච්චිකට්ටුව මන්ත්‍රීවරිය පැවසුවේ,

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

රනිල් තමයි මාව දේශපාලනයට ගෙනාවේ එයා හිරේ යද්දී මම ගොඩක් දුක්වුණා - සරත් ෆොන්සේකා කට අරී

"මම ගියේ මන්ත්‍රී හැදුනුම්පත රැගෙන එන්න. ඒක තිබුණේ සභාපතිවරයා ළඟ. මම ගිහින් හැදුනුම්පත ඉල්ලුවම මට බැනගෙන බැනගෙන ගියා. ‘බුරුවා’ කිව්වා. ඔය කාලකන්නි මුණු දකින්න කැමති නැහැ කිව්වා. අවුරුදු තුනටම කිසිදෙයක් දෙන්නේ නැහැ කිව්වා. මට ඇඬුනා. මම එළියට ආවා. ඊට පස්සේ කාර්යාල සහයක ඇවිල්ලා මට හැදුනුම්පත දුන්නා. අපි දේශපාලනයට ආවේ ගමට යමක් කරන්න. නමුත් දේශපාලනයට එන කාන්තාවන්ට පිරිමින්ගේ ඇනුම් බැනුම්. ඒ වගේම තව තව දේවලට යටවෙලා පෑගිලා ඉන්න තමයි වෙන්නේ. මම ඉල්ලන්නේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න කියලයි" යනුවෙන්.

වතුකම්කරුවන්ගේ වැටුපට බාල්දි දාන්න ආවට දිගම්බරම් නාමල්ගේ කනේ ඇඟිලි ගහගන්නම කියයි

වතුකම්කරුවන්ගේ වැටුපට බාල්දි දාන්න ආවට දිගම්බරම් නාමල්ගේ කනේ ඇඟිලි ගහගන්නම කියයි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයරත්න ජයසේකර පවසා ඇත්තේ, තමන් කාර්යාලයෙන් එළියට යන ලෙස මේ කාන්තා මන්ත්‍රීවරියට දැනුම් දුන් බවත් ඒ අවස්ථාවේ ප්‍රශ්න කීපයක් මුල් කරගනිමින් පීඩනයෙන් සිටි බවත්ය.

එමෙන්ම ඊයේ අයවැය අවස්ථාවේදී විපක්ෂයේ හැසිරීම ද මෙම තත්ත්වයට හේතුවක් වූ බව සභාපතිවරයා සඳහන් කළා.

මේ අතර අඳාළ ගැටලුව සම්බන්ධයෙන් ආරච්චිකට්ටුව පොලිසියෙන් ද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.

“ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි විදිහට රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා" - ඇමති සුනිල්

“ඕනෑම අයෙකුට ක්‍රීඩා කළ හැකි විදිහට රට පුරා පොදු ක්‍රීඩා පිටි හදනවා" - ඇමති සුනිල්