ෆේස්බුක් මිතුරන් සමග සාධයක් - සිදුවූ දේ

srilanka Gossip
By Sithumi Oct 19, 2021 11:20 AM GMT
Sithumi

Sithumi

Report

ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහා හදුනාගත් මිතුරන් පිරිසක් කුරුණෑගල රඹාවැව ප්‍රදේශ‌යේ නිවසක පැවැත්වූ සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එහිදී මුදල්, මත්පැන් සමග සාදය සංවිධානය කළ සහ සාදයට සංගීතය සැපයුම්කරු ලෙස සිටි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි

පොලීසිය සඳහන් කළේ. සාදයට පුද්ගලයින් 24දෙනෙකු සහභාගි වී සිට ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණීමත් සමග ඉන් 22දෙනෙකු පළාගොස් ඇත.

පොලීසිය පැවසුවේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා සමග මත්පැන් බීර බෝතල් සහ මුදලින් රුපියල් 175,000ක් සිය භාරයට ගත් බවයි.

සාදයට සහභාගි වූ සැකකරුවන් පිළිබදව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇති අතර, ඔවුන් ද ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලීසිය පැවසුවේ.