තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරයි
Sri Lanka Police
Crime
Death
Sinhala news
gagana news
By Mithu
පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි. ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සමඟ පොලිසිය අත්අඩංගුවටගෙන ඇත.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල තුන්බෝවිල ගමගේ මාවත පදිංචිව සිටි පා ගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය (40) දෙදරු පියෙකි. මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය කියයි.
සැකකරු කර්මාන්ත ශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය සිදුකරන අයුරුත් එහි සවි කර තිබූ සීසි සිටී කැමරාවේද සටහන්වේ.අත්අඩංගුවට ගත් සැකකරු මඩ පාත , පොල් ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.