පොහොට්ටුවේ අය පද්මෙත් එක්ක ගත්ත පින්තූර ගැන සියල්ල වමාරයි - ඇත්ත නැත්ත මෙන්න
සංවිධානාත්මක පාතාල කල්ලි සාමාජිකයෙක් සහ අපරාධකරුවෙක් වෙන්න කෙහෙල්බද්දර පත්මේ ඇතුළු පිරිස පිළිබඳව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක්වේ. ඔවුන් විදෙස්ගත වී මෙහෙයවූ අපරාධ රැසකි.
එම නිසාම නමගිය අපරාධ කරුවන් ලෙස ඔවුන් සමග එකට ඉඳගෙන ඡායාරූපගත් දේශපාලනඥයන් පිළිබඳවත් මේ දිනවල එළිවෙමින් පවතිනවා. ඒ අනුව පොදු ජන පෙරමුණ නියෝජනය කරන පුද්ගලයෙකුගේ නමත් මේ චෝදනාවට ගෑවී තිබෙනවා.
ඒ අනුව පොදු ජන පෙරමුණේ මෙම පුද්ගලයාට කෙහෙල් බද්දර පත්මේ සමග ඇති සම්බන්ධතාවය පිළිබඳව බොහෝ දෙනෙක් විමසද්දී ඒ සම්බන්ධයෙන් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ හේරත් මහතා අදහස් දක්වමින් සඳහන් කළේ, ඕනෑම අපරාධකාරයෙක් කිරි බොන වයසෙදි අපරාධකාරයෙක් නොවන බවත් සමහර විට ඔවුන් ඡායාරූප ගන්නා විට ඔහු අපරාධ කරුවෙක් නොවී සිටිය හැකි බවත්ය.
ඒවගේම මෙම ඡායාරූපය ගෙන ඇත්තේ 2018 වයසේදී පමණ නිසා ඒ වන විට ඔහු කුමන චරිතයක්ද යන්න පිළිබඳව නිශ්චිතව කිව නොහැකි නිසා මෙලෙස චෝදනා කළ නොහැකි බවයි.
නමුත් අවසානයේ ඔහු සඳහන් කළේ කිසියම් හෝ ආකාරයකින් ඔහුගේ කඳවුර නියෝජනය කරන මෙකී පුද්ගලයා අදාළ පාතාල නායකයා වන කෙහෙල්බද්දර පද්මේ සමඟ ගනුදෙනුකොට තිබේ නම් ඒ පිළිබඳව ක්‍රියාමාර්ග ගැනීමටත් ඔවුන් දෙපාරක් නොසිතන බවයි.