ඉරිදා දින උදෑසන උපකාර පන්ති පවත්වෙන්න තහනම්

Report

ඉරිදා උදෑසන මාතර නගරයේ පළමු වසරේ සිට අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා උපකාර පන්ති පැවැත්වීම තහනම් කිරීමට පියවර ගන්නා බව ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි බොල්රාජ් මහත්මිය පැවසීය.

මාතර මහ නගර සභාවට මෙම තහනම ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

අ.පො.ස. උසස් පෙළ සඳහා ඉරිදා උදෑසන පන්ති තහනම ප්‍රායෝගික නොවන බවත්, ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරිය සඳහන් කළාය.

ඉරිදා උදෑසන දහම් පාසල් අධ්‍යාපනය දරුවන්ගේ සදාචාරාත්මක වටිනාකම් ඉහළ නැංවීමට ඉවහල් වන බවත්, එය නොමැතිකම දරුවන් නොමඟ යාමේ ප්‍රවණතාව වැඩි කරන බවත් රජයේ නිලධාරීන් පෙන්වා දෙයි.

අධිකරණවල නඩු කඩිනම් කරන්න - දෙසැම්බර් 31ට පෙර සියලුම නඩු විසඳන්න නියෝග

අධිකරණවල නඩු කඩිනම් කරන්න - දෙසැම්බර් 31ට පෙර සියලුම නඩු විසඳන්න නියෝග

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි, 4.30ටම යන්න බැරිවෙයි - රාජ්‍ය සේවකයන්ට අගමැතිනි කියූ දේ

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගැන ජනපතිගෙන් පොරොන්දුවක්