තවත් මාරක අනතුරක්

Report

කොළඹ සිට තලවකැලේ වටගොඩ දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් සහ හැටන් සිට කොළඹ දක්වා ධාවනය වූ වැන් රථයක් අද (17) දින මුහුණට මුහුණලා ගැටී මාරක අනතුරක් සිදුව තිබේ.

පොල්පිටිය පොලිසිය සදහන් කළේ බරපතල ලෙස තුවාල ලැබු ත්‍රීරෝද රථයේ රියදුරු කිතුල්ගල තැලිගම ප්‍රදේශයේ රෝහල වෙත ඇතුලත් කල පසු රියදුරු මිය ගොස් ඇති බවයි.

 මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහු නමින් එච්.එම්.ඉන්දික ප්‍රියකුමාර වන අතර වයස අවුරුදු 53 ක පුද්ගලයෙකි.

මෙම අනතුර උදෑසන හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පොල්පිටිය යටිබේලිය ප්‍රදේශයේදී සිදුව  තිබේ.

 මෙම අනතුර සිදුව ඇත්තේ අධික වේගයෙන් ධාවනය වී ඇති ත්‍රීරෝද රථයේ වේගය පාලනය කර ගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ වෑන් රථයේ ගැටීමෙනි.

එහිදී පොලිසිය වැඩිදුරටත් සදහන් කරන්නේ අනතුරින් ත්‍රීරෝද රථයේ පසුපස අසුනේ ගමන් ගත් කාන්තාවක්ද තුවාල ලබා තැලිගම ප්‍රාදේශීය රොහල වෙත ඇතුලත්කල බවයි.

තවද අනතුරින් ත්‍රීරෝද රථයට සහ වැන් රථයට දැඩි ලෙස අලාභ හානි සිදුව තිබුණි.

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

තවත් දරුණු මාරක අනතුරු දෙකක් - දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඒ වගේම වෑන් රථයේ රියදුරා සැක පිට අත්අඩංගුවට ගෙන සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

 පොලිසියේ රථවාහන අංශයේ මෙම අනතුර සම්බන්ධව පරික්ෂණ පවත්වනු ලබයි.

මෙම මාරක අනතුරට හේතුව රියදුරුගේ නොසැලිකිලිමත් රිය ධාවනය බව එම නිළධාරින් සැක කරනු ලබයි.

ෂෙයික් හසීනාට මරණ දඬුවම

ෂෙයික් හසීනාට මරණ දඬුවම