දුම්රියක් සහ ජිප් රථයක් ගැටී සිදු වූ මාරක අනතුර
Sri Lanka Railways
Accident
Law and Order
Sinhala news
By Kaushi
BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අඳාළ දුම්රිය අනතුර අහංගම, කබලාන ප්‍රදේශයේ තිබෙන දුම්රිය හරස් මාර්ගයේදී සිදුව ඇති බවට වාර්තා වේ.
මෙම අනතුරෙන් සිව්දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාලකරුවන් ගාල්ල ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බව ආරංචි මාර්ග පවසයි.
අඳාළ BMW වර්ගයේ ජීප් රථය දුම්රියේ ගැටෙන අවස්ථාවේ දී එහි පුද්ගලයන් හය දෙනෙකු ගමන් කර ඇති බව සඳහන් වේ.
මෙම අනතුර අද (12) දින දහවල් කාලයේ දී සිදුව ඇති බවට වාර්තා වේ.
අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අහංගම පොලීසිය මඟින් සිදු කිරීමට නියමිතයි.
