යළිත් ලංකාවට එන දේවගැති ජෙරම්..

Police spokesman Sri Lanka Police Sri Lanka
By Sithumi May 20, 2023 03:30 PM GMT
Sithumi

Sithumi

Report

හෙට (21) පෙර යොදාගත් කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතවූ තමන් යළි දිවයිනට පැමිණෙන බව, ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත.

ආගම් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකිරීමත් සමග ඔහු පිළිබඳ සමාජයේ දැඩි අවධානයක් යොමු විය. ඔහු දිවයිනට පැමිණීමේදී අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කළා.

ජෙරම් ප්‍රනාන්දු නම් දේවගැතිවරයා සිදුකළ ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ රට තුළ මහත් ආන්දෝලනයක් ඇති කරමිනි.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන් වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල වුණි.

දේවගැති ජෙරම්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කළ අතර ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම්ද ගොනුකෙරුණි.

ReeCha