මුළු රටේම ගොවීන්ට සුබ පණිවිඩයක් - ''රුපියල් ලක්ෂ සියයක් වටිනා යන්ත්‍ර 50ක් රට පුරා සමුපකාරවලට දෙන බව ඇමති කියයි''
කහටගස්දිගිලියේ අද පැවති ජන හමුවට සහභාගි වෙමින් අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සේනානායක මහතා සඳහන් කළේ, වත්මන් රජය සමඟ ජනතාව සිටින බව මේ වනවිටත් පැහැදිලිව ඔප්පු වී ඇති බවයි.
ග්‍රාමීය ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා රජය විශේෂ වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, නිවාස නොමැති ජනතාව සඳහා නිවාස ඉදිකිරීමේ වැඩසටහනද ඒ අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව සඳහන් කළේය.
මෙම වසර තුළ පමණක් නිවාස 35,000කට වැඩි සංඛ්‍යාවක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ නිවාස 10,000කට වැඩි ප්‍රමාණයක් ඉදිකිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා, දිස්ත්‍රික්කයේ පවතින වැව් 3,000කට ආසන්න සංඛ්‍යාව අතරින් වැව් 400කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කරන බව සඳහන් කළේය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේදී සමුපකාර ව්‍යාපාරයටද විශාල කාර්යභාරයක් පැවරෙන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, සමුපකාර ආයතන ශක්තිමත් කිරීම සඳහා මෙම වසරේදී පමණක් රුපියල් ලක්ෂ 6,000ක ආධාර ලබාදීමට රජය සැලසුම් කර ඇති බවද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි, ගොවියාට තියෙන ප්‍රශ්නේ තමයි අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉන්න ගොවියාට වී ටික වේලා ගන්නේ කොහොමද කියලා. අන්න, වී ටික වෙලන්න වී වෙලන මැෂින් 50ක්, ලක්ෂ සියයක් වටින මැෂින් එක ගණනේ, මැෂින් 50ක් රට පුරා සමුපකාරවලට දෙනවා. ගොවියාගේ ප්‍රශ්නෙට උත්තර හොයන්න පුළුවන් හැම පැත්තෙන්ම අපි උත්තර හොයනවා.”