ගොවීන්ට වන්දි ලැබෙන හැටි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කියයි.

By krishani Feb 07, 2023 03:41 AM GMT
Report

වර්ෂාව නිසා වී වගාවට හානි සිදු වී ඇත්නම් ගොවිජන සේවා මධ්‍යස්ථානවලට දැනුම් දෙන ලෙස කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට පවසයි.

ඒ අනුව අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි පිරිනමන අතර හෙක්ටයාරයකට රුපියල් 100,000 ක් බැගින් වන්දි ලබා දීමට තීරණය කර ඇත.

විශේෂ රක්ෂණ ක්‍රමය යටතේ කන්නයකට රුපියල් 6,400ක වාරිකයක් ගෙවීම මගින් රක්ෂණය ලබා ගන්නේ නම් වන්දි වශයෙන් ලබා දෙන රුපියල් 40,000ට අමතරව තවත් රුපියල් 60,000ක මුදලක් ලබා ගැනීමට ගොවි ජනතාවට හැකියාව ලැබෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join