රුපියල් 5000 දීමනාව ලැබෙන පවුල් කාණ්ඩ මෙන්න.

Family
By Thaya Apr 11, 2021 05:31 PM GMT
Thaya

Thaya

Report

කොවිඩ්-19 ව්‍යවසනකාරී තත්ත්වය නිසා බලපෑමට ලක්වූ පවුල්වලට උත්සව සමයේ රුපියල් 5000ක දීමනාව ලබා දීමේ තීරණයට අදාළ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ. ඒ අනුව, ප්‍රතිලාභි පවුල් තෝරා ගැනීම කාණ්ඩ 07ක් යටතේ සිදුකිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය ලේකම්වරයා විසින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය අනුව සමෘද්ධිලාභීන්, අඩු ආදායම්ලාභීන්, වැඩිහිටි, ආබාධිත සහ වකුගඩු රෝගී දීමනාලාභීන්, සියවස් පූර්ණ වැඩිහිටි දීමනාව ලබන්නන් සහිත පවුල් සඳහා එම දීමනාව ලබාදීමට නියමිතය.

දීමනාව ගෙවීමේදී ප්‍රතිලාභී පවුලකට ගෙවීම සිදුකරනු ලබන්නේ එක් කාණ්ඩයක් යටතේ පමණක් බව අදාළ චක්‍රලේකය මගින් දක්වා ඇත. එමෙන්ම ඡන්ද හිමි නාමලේඛනයේ එක් ගෘහ මූලික අංකයක් යටතේ ලියාපදිංවී සිටියද අනු පවුල් වශයෙන් ජීවත්වන පවුල් සඳහා ද ගෙවීම සිදුකෙරේ. හෙට (12) සිට මෙම රුපියල් 5000 දීමනාව ලබා දීමට නියමිතය.