පොලීසියට ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලයෙකුට සිදුවූ දේ..

By Sewvandhi Oct 07, 2023 11:42 AM GMT
Sewvandhi

Sewvandhi

Report

පොලීසිය විසින් සිය මුදල් කොල්ලකෑ බවට ව්‍යාජ පැමිණිල්ලක් සිදුකළ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මුල්ලේරියාව පොලීසිය විසින් සැකකරුව කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 10 වනදා දක්වා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඊයේ (06) දින මුල්ලේරියාව පයිප්ප පාරේදී තමා සතු රුපියල් 25,000ක මුදලක් පුද්ගලයින් දෙදෙනෙකු විසින් කොල්ලකෑ බවට මෙම පුද්ගලයා පොලීසියට පැමිණි කර තිබුණි. චූන් පාන් රථ රියදුරෙකු වූ අදාළ පුද්ගලයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානයට යවා මූලික පරීක්ෂණ සිදුකර තිබේ.

එහිදී, එවැනි කොල්ලකෑමක් එම ස්ථානයේ සිදුවූ බවට කිසිඳු සාක්ෂියක් සොයාගැනීමට හැකිවී නොමැත. පසුව පැමිණිල්ල සිදුකළ පුද්ගලයා කැඳවා වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ මීට පෙර සේවය කළ බේකරියේ හිමිකරුගෙන් ණය මුදලක් ලබාගත් බවත් ඔහු සහ තවත් පුද්ගලයෙකු පැමිණ එලෙස මුදල් කොල්ලකෑ බවටය.

කෙසේවෙතත් ඒ වනවිටත් පොලීසිය අනාවරණය කරගෙන තිබුණේ සිදුවූ බව කියන කොල්ලකෑම සිදුවෙන අවස්ථාවේදී චූන් පාන් රථ රියදුරා සිට ඇත්තේ නවගමුව ප්‍රදේශයේ බවය.

එම බේකරි හිමියාගෙන් සහ ඔහු දැන් සේවය කරන බේකරියේ හිමිකරුගෙන් ද පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර ඒ අනුව අදාළ සැකකරු අසත්‍ය පවසන බවට සැක මතුවී තිබේ.

ඒ ඔස්සේ පැමිණිලිකාර චූන් පාන් රියදුරාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමන් ඔට්ටු ඇල්ලීමෙන් මුදල් පරාද වූ බවත් ඒ හේතුවෙන් මෙම පැමිණිල්ල සිදුකළ බවත්ය.

ඔහු මේ වනවිට සේවය කරන බේකරියට දින 4ක් තිස්සේ මුදල් බේරා නොතිබූ බවද හෙළිවී ඇත. ඒ අනුව අසත්‍ය පැමිණිල්ලක් සිදුකළ සැකකරුව පොලීසිය විසින් මෙලෙස අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ..  

ReeCha