පොලිසියෙන් විශේෂ දැනුම්දීමක් - මේ මුදල් ගෙවීමෙන් වළකින්න
පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ආකාරයට භාවිත කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් ජාලයක් සම්බන්ධව විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.
ඒ අනුව පොලිසිය සදහන් කළේ එහිදී පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ හා පොලිස්පතිවරයාගේ නම සහ ව්‍යාජ අත්සනක් භාවිත කරමින් යවන ලද විද්‍යුත් තැපෑල ඡාලයක් පිළිබදව තොරතුරු හෙළිව ඇති බවයි.
දිවයිනටම විශේෂ දැනුම්දීමක් - අගමැති හරිනිගේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන යොදාගෙන මෙවැනි දේ කළොත් දැඩි දඬුවම්
මෙම ක්‍රියාකාරකම් ඔස්සේ පොලිසියේ කීර්ති නාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදු විය හැකි බවට නිරීක්ෂණය වන බැවින් එවැනි විද්‍යුත් තැපැල්වලට පිළිතුරු සැපයීම හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වළකින මෙන් පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.