කෝල් හුටපටේ කරළිය හොල්ලයි.. මෙන්න ඒ ගමන රැකියා අපේක්ෂකයන්ට එන අමුතු කෝල් එක.. පරිස්සමෙන්..
By krishani
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය වී සිටින අපේක්ෂකයන්ට යළි මුදල් ලබා දෙන්නැයි පවසමින් ලැබෙන දුරකතන ඇමතුම් අතර කිසිදු සම්බන්ධයෙන් නොමැති බවයි.
එම කාර්යාංශය කියා සිටියේ මේ වන විට ඊශ්‍රායලයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා ලියාපදිංචිය ඇතැම් අපේක්ෂයන්ට නැවත තවත් රු. 14,700 මුදලක් ගෙවන ලෙසට දුරකතන ඇමතුම් ලැබෙන බව වාර්තා වී තිබෙනවා.

"කෝමා වෙලා හිටිය අය අවදි වෙලා.." - වහාම ඉහළට ජනපති දුන් නියෝගයත් එක්ක.. ජනපතිගෙන් පාස්කු ප්‍රහාරය ගැන විශේෂ ප්‍රකාශයක් මෙන්න..(VIDEO)
එම දුරකතන ඇමතුම්වලට නොරැවටෙන ලෙසත්, ජාවාරම්කරුවන් පවසන බැංකු ගිණුම් වලට මුදල් බැර කිරීමෙන් වළකින ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටි.
මේ සම්බන්ධයෙන්, වැඩි විස්තර සඳහා කෙටි අංක 1989 දුරකතනයෙන් අමතන ලෙස
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසා සිටියේ ය.