මේ සායනවලට යෑමට පෙර තහවුරු කර ගන්න - සෞඛ්‍යයෙන් දැනුම්දීමක්

Report

තලවකැලේ ප්‍රදේශයේ දෘෂ්ටි ආබාධිතයන්ට සහනදායී මිලට ඇස් කණ්ණාඩි ලබා දෙන බව කියමින් එම රෝගීන්ගෙන් ඇස් කණ්නාඩි වෙනුවෙන් අත්තිකාරම් මුදල් ලබා ගත් සිව් දෙනෙකු කොටලප සෞඛ්‍ය වෛදව්‍ය නිළධාරිවරයා විසින් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.දේවන් මහතා පවසා සිටියේ තලවකැලේ නගරයේ දෘෂ්ටි ආබාධ සායනයක් පවත්වා ඇති බවත් අඳාළ සායනයට පැමිණි රෝගීන්ගෙන් විවිධ වර්ගයේ කාච සහිත ඇස් කණ්නාඩි රෝගීන්ට පෙන්වා එම කණ්නාඩි සකස් කිරිමට අත්තිකාරම් මුදලක් ගෙවන ලෙසට සායනය පැවැත්වූ සිව් දෙනා විසින් රෝගීන්ට පවසා මුදල් ලබා ගෙන ඇති බවත් ය.

එමෙන්ම ඔහු සඳහන් කළේ බදුල්ල සහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ට රෝගීන්ගේ ඇස් පරික්ෂා කිරිමට හෝ කාච ලබා දීමට නිසි අවසර පත්‍රයක් හෝ ඒ සදහා කිසිදු සුදුසුකමක් නොමැති බවට තහවුරු වී ඇති බවයි.

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්

අඳාළ පුද්ගලයන් සිව්දෙනා දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ කාලයක් සේවය කර එම විශේෂඥ වෛද්‍යවරයා සසුන්ගත වීමෙන් පසුව එම සිව් දෙනා විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවත් තහවුරු වූ බව දේවන් මහතා සඳහන් කර ඇත.

මේ අතර ඉකුත් 24 වන දින පැවති සායනයේදි අත්තිකාරම් මුදල් ලබා ගත් සියලුම රෝගීන්ගේ මුදල් ආපසු ගෙවන ලෙසට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා එම පිරිසට උපදෙස් ලබා දී තිබෙන බව සඳහන්.

තවද මෙම සිව් දෙනාට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවත් මෙවැනි ව්‍යාජ සායන කටයුතුවලට යෑමට ප්‍රථම ඒ පිළිබදව තහවුරු කරගෙන සායන කටයුතුවලට සහභාගි වන ලෙසත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.

වදපු අම්මාම දින 20ක කිරි කැටියා විකුණලා - අත්අඩංගුවට

වදපු අම්මාම දින 20ක කිරි කැටියා විකුණලා - අත්අඩංගුවට

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි