වදපු අම්මාම දින 20ක කිරි කැටියා විකුණලා - අත්අඩංගුවට

Report

දින 20 ක බිළිදෙකු රුපියල් ලක්ෂයකට අලෙවි කළ සැකකාර මවක් සමඟ එම බිළිදා මීලදි ගත් බව කියන කාන්තාවක් පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයෙ නිලධාරීන් අද( 26) දින අත්අඩංගුවට ගත් බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.

ඒ අනුව විමර්ශනවලදි හෙළිව තිබුණේ පල්ලම කම්මන්දළුව ප්‍රදේශයේ 25 හැවිරිදි තරුණියක් බිහිකල බිළිදෙකු මෙසේ මදුරන්කුලිය කඩයමොට්ට ප්‍රදේශයේ කාන්තාවක් විසින් රුපියල් ලක්ෂයක මුදලකට මිලදි ගෙන තිබු බවයි.

එම 25 හැවිරිදි තරුණිය නිත්‍යානුකුල නොවන ආකාරයෙන් තරුණයෙකු සමඟ සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබු බවත් අඳළ තරුණයා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි විමත් අධික ආර්ථික අපහසුතාවයක් හේතුවෙන් මෙම බිළිදා රුපියල් ලක්ෂයක මුදලකට අලෙවි කර තිබු බව සඳහන් කරයි.

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

මරලතෝනි දුන්න දෝණිව හොයන් යද්දි පුංචි හිස විතරක්..ලෝකෙම කම්පා කළ ඇගේ මරණයට යුක්තිය ඉල්ලා ජනතාව පාරට

එමෙන්ම මෙම බිළිදා මිලදි ගත් කාන්තාව විවාහ වි වසර 18 වැඩි කාලයක් ගතව තිබුණද දරුවන් නොමැති විම හේතුවෙන් මෙම තරුණිය පිළිබදව ලැබුණ තොරතුරු මත දරුවා බිහි කිරීමෙන් පසු රුපියල් ලක්ෂයක් බිළිදාගේ මවට ලබා දී ලබා ගෙන තිබු බව සඳහන්.

කෙසේ වෙතත් පුත්තලම පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කළේ පොලිස් පරික්ෂණවලදි මෙම කරුණු අනාවරණය වී තිබුණද බිළිදෙකු මවගෙන් වෙනත් මවක් ලබා ගැනිමේ නිසි නිත්‍යානුකුල ක්‍රියාවලියකින් බැහැරව ලබා ගැනිම නිසා බිළිදා බිහි කළ මව හා මිලදි ගත් කාන්තාව ඇතුළු පිරිස අත් අඩංගුවට ගැනිම සිදුව තිබු බවයි.

කාලගුණය මාරාන්තික වෙයි - ප්‍රංශයේ පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට

කාලගුණය මාරාන්තික වෙයි - ප්‍රංශයේ පුද්ගලයින් 7දෙනෙකු ජීවිතක්ෂයට

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්

ලිංගික අපයෝජන චෝදනාව බොරු.. භෞතිකව ඉදිරිපත් නොකර රිමාන්ඩ් කරන්න බෑ - අටමස්ථානාධිපති හිමියන්ගෙන් අධිකරණයට දැනුම් දීමක්