වහාම අත්අඩංගුවට ගන්න..පොලීසියෙන් විශේෂ නියෝගයක්..!
අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය තිරප්පනේ පොලිසියට ,පොලිස් මූලස්ථානයේ,119 හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී පොලිසිය නොමග යැවීමට තැත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කර තිබෙනවා.
තිරප්පනේ, පෑතිස්රඹෑව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි, මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත්තේ.
පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ,පසුගිය වසරේ දෙසැම්බර් මස 18 වන දින පොලිස් මූලස්ථානයේ, 119 හදිසි ඇමතුම් සන්නිවේදන මධ්‍යස්ථානයට මෙම සැකකරු විසින් දුරකථන ඇමතුම් 12ක් පමන ලබා දී ඇති බවයි.
සැකකරු විසින් දැනුම් දී ඇති පරිදි කිසිදු අපරාධමය කටයුත්තක් අදාල ප්‍රදේශයේ හෝ තිරප්පනේ පොලිස් වසම තුල සිදුව නැති බවත්, එවැනි අපරාධයක් සිදු වීමේ සූදානමක්ද නැති බවත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.
ඒ අනුව, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ, සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අපරාධමය වරදක් සිදු කර ඇති බැවින් අත්අඩංගුවට ගන්නා ලෙසටයි.
……………………………………………………………………………………
You may like this video 👇