මැතිවරණ රාජකාරි සඳහා පොලිසියෙන් 65,000ක්

Police spokesman Sri Lanka Police Election Sinhala news
By Hashini May 04, 2025 08:37 AM GMT
Hashini

Hashini

Report

පළාත් පලාන ආයතන ඡන්ද විමසීමට අදාළ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුනා.

මේ වන විට ක්‍රියාත්මක වන්නේ මැතිවරණ නිහඬ කාලසීමාවයි.

පොලිසිය පවසන්නේ නිහඬ කාලසීමාව තුල නීති උල්ලංඝනය කරනු ලබන සියලු දෙනාටම එරෙහිව නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

එසේම මෙවර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් නිලධාරින් 65,000කට ආසන්න පිරිසක් යෙදවීමට නියමිත අතර අවශ්‍යතාවය මත යුද හමුදා සාමාජිකයන් ද ඒ වෙනුවෙන් අනුක්ත කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග සඳහන් කලේ.

ඊයේ පෙරවරු 6.00 සිට අද පෙරවරු 6.00 දක්වා පැය.24ක කාලය තුල මැතිවරණ අපේක්ෂකයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කලේ.

එසේම ආධාරකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙනතිබෙන අතර .එම කාල සිමාව තුල මැතිවරණ නීති උල්ලඝනය කිරීම් සම්බන්ධ පැමිණිලි 22ක් සහ මැතිවරණයට අදාළ අපරාධමය පැමිණිලි 03ක් ද ලැබී තිබෙනවා.

පළාත් පළාන් මැතිවරණය අනිද්දා පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඡන්දදායකින් 17,156,338 දෙනෙකු ඡන්ද භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටිනවා.

පළාත් පාලන ආයතන 339ක් වෙනුවෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් වලින් අපේක්ෂකයින් 75,589ක් ඉදිරිපත් වී සිටිනවා. 

 

පුද්ගලයන් හතක් මිය ගිය සුඩාන බෝම්බ ප්‍රහාරය

පුද්ගලයන් හතක් මිය ගිය සුඩාන බෝම්බ ප්‍රහාරය

ReeCha