එලියට යන අය පරිස්සමෙන්.. ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය

By R.rishma May 04, 2025 08:24 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඌව, සබරගමුව, දකුණු පළාත්වලත්, මහනුවර, නුවරඑළිය සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවත්, අකුණු මගින් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී

මෙය බරපතළ ඛේදවාචකයක් - නවක වදය ගැන ජනපති කට අරී