මෙතෙක් හමු වූ විශාලතම කසිප්පු ස්කාගාරය - යොදා ගෙන ඇත්තේ සතුන්ගේ මළපහ (PHOTO)

Report

අනවසරයෙන් මිද්දෙනිය දබරැල්ල රජයේ රක්ෂිතයට ඇතුළු වී එහි කසිප්පු ස්කාගාරයක් පවත්වාගෙන ගිය සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු වයස අවුරුදු 32 ක එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව සඳහන්.

ඒ අනුව අනවසරයෙන් රක්ෂිතයට ඇතුළු වී කුඩාරමක් ඉදි කර එහිම කෘතිම පොකුණක් සාදා ගෙන ඇත.

පොකුණෙහි අපිරිසිදු ජලය රැස් කිරීමෙන් පසු සතුන්ගේ මළපහ සහිත විස ද්‍රව්‍ය යොදා ගෙන මෙම කසිප්පු ස්කාගාරයක් පවත්වා ගෙන ගොස් තිබෙනවා.

ගුවන් යානයක් කිඹුලන් පිරි වගුරකට වැටෙයි (PHOTO)

ගුවන් යානයක් කිඹුලන් පිරි වගුරකට වැටෙයි (PHOTO)

පුද්ගල ශරීරයට ආන්ත්‍රාවක් වන ආකාරයේ කසිප්පු ස්කාගාරයක් වන එහි තිබී ගොඩා සහ කසිප්පු බැරල් 14 ක්, ගැස් ලිප්, නීති විරෝධී ලෙස වගා කළ ගංජා හේනක් සොයා ගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

පොලිසිය ප්‍රකාශ කළේ වනජීවි නිලධාරින් සිටින විටත් මෙසේ නීති විරෝධී ක්‍රියා සිදුවීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවයි.

ඒ අනුව ඒ පිළිබඳව ද වෙනම විමර්ශනයක් සිදු කිරීමට නියමිත බව එහි දී වැඩිදුරටත් සඳහන් විය.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින(4) වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 14 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇත.

මිද්දෙනිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රොහාන් මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලිම සාර්ථකව සිදු කර ඇත.

ගමන් බලපත්‍ර සේවා සීමා කිරීම පිළිබඳ දැනුම්දීම

ගමන් බලපත්‍ර සේවා සීමා කිරීම පිළිබඳ දැනුම්දීම

රක්ෂිතයේ සමිපුර්ණ සොදිසි වැටලීම් සඳහා තංගල්ල සහකාර පොලිස් අධිකාරි 02 විජේබන්ඩාර ඇතුලු පොලිස් කණ්ඩායම් කිහිපයක් සහභාගි වීම⁣ට නියමිතයි. 

මෙතෙක් හමු වූ විශාලතම කසිප්පු ස්කාගාරය - යොදා ගෙන ඇත්තේ සතුන්ගේ මළපහ (PHOTO) | Largest Kasippu Distillery Middeniya Region Raided