අපේ අය බොරු කියන්නේ හිතලම නෙමෙයි.. - ජනපතිට හිර වෙයි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ, ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් මහජන හමුවලදී සත්‍ය නොවන ප්‍රකාශ සිතාමතා සිදු කරන බව තමන් විශ්වාස නොකරන බවයි.
එවැනි ප්‍රකාශ බොහෝ විට නොදැනුවත්කම නිසා සිදුවිය හැකි බවත්, මිනිසුන්ට වැරදි සිදුවීම ස්වාභාවික බවත් ඔහු සඳහන් කළේය.
මෑතකදී එවැනි සත්‍ය නොවන ප්‍රකාශයක් කළ නියෝජ්‍ය ඇමතිවරයකු, එම ප්‍රකාශය පසුව වෙනත් අවස්ථාවකදී නිවැරදි කළ බවද ජනාධිපතිවරයා පැවසීය.
මාධ්‍ය ආයතන එවැනි ප්‍රකාශ ඉලක්ක සහගතව අල්ලා ගැනීමට බලා සිටින බවත්, මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ නියෝජිතයන් කැඳවා උපදෙස් ලබාදුන් බවත් ඔහු හෙළි කළේය.
කෙසේ වුවත්, මෙවැනි සිදුවීම් හේතුවෙන් ආණ්ඩුවේ විශ්වාසනීයත්වයට හානි සිදුවන බවත්, එය ආණ්ඩුවට අහිතකර ලෙස බලපාන බවත් ජනාධිපතිවරයා දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් පැවසීය.