මීටියාගොඩ වෙඩි තැබුවේ දේශපාලන හේතුවකටද ?

Police spokesman Death Gun Shooting Sinhala news
By Hashini May 04, 2025 06:44 AM GMT
Hashini

Hashini

Report

ඊයේ (03) රාත්‍රියේ මීටියාගොඩ පොලිස් වසමේ බද්දේගම පාර, මානම්පිට ප්‍රදේශයේ පිහිටි 86 අවන්හලේදී වෙඩි තැබීමක් සිදුව තිබුණා.

වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තවත් අයෙක් බරපතළ තුවාල ලබා මේ වනවිට බලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

පොලිසිය පැවසුවේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මීටියාගොඩ, මානම්පිට ප්‍රදේශයේ පදිංචිව සිටි සරත් චමින්ද උදය කුමාර නැමති 47 හැවිරිදි පුද්ගලයෙක් බවයි.

එසේම තුවාල ලබා සිටින පුද්ගලයා මහදුර නලින් වසන්ත නැමැති 52 හැවිරිදි වියේ පසුවන අයෙකි.

මෙම වෙඩි තැබීමේ සිදුවීමෙහි තුවාලකරු වන මහදුර නලින් වසන්ත යන පුද්ගලයා සහ මෙවර අම්‍බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට ස්වාධීන කණ්ඩායමකින් තරග වදින මහදුර ඉසුරු දිල්ෂාන් යන පුද්ගලයා ඉලක්ක කර සිදුකර ඇති බවට විමර්ශන වලට අනුව අනාවරණය වී තිබෙනවා.

මහා බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

මහා බැංකුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

එසේම මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ මහදුර නලීන් යන අය 2015 වර්ෂයේ දී පුද්ගලික ආරවුලක් මත, වෙඩි තබා ද්විත්ව ඝාතනයක් සිදුකිරීමේ සිද්ධියක සැකකරුවකු බවටද තොරතුරු අනාවරණය වි තිබෙනවා.

මේ අතර වෙඩි තැබීම සිදු වූ අවන්හල් හිමිකරු ද අදාළ ස්වාධීන කණ්ඩායමෙන් අම්‍බලන්ගොඩ ප්‍රාදේශිය සභාවට තරග කරන අයෙක් බවට ද තොරතුරු වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ යතුරුපැදි දෙකකින් පැමිණි නාදුනන පුද්ගලයන් සිව්දෙනෙකු විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි .

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම දේශපාලන හේතුවක් මත සිදු වූ බවට තවමත් තොරතුරු අනාවරණය වී නැහැ.

මීටියාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

වසර දහයක් තුල වැඩවර්ජන 386ක්

වසර දහයක් තුල වැඩවර්ජන 386ක්


ReeCha