පුද්ගලයන් හතක් මිය ගිය සුඩාන බෝම්බ ප්‍රහාරය
By Hashini
දකුණු සුඩානයේ ෆන්ගක් ප්‍රාන්තයේ රෝහලකට සහ වෙළඳපොළකට සිවිල් යුධ කණ්ඩායමක් විසින් එල්ල කර බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් හත් දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ ප්‍රහාරයෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.
මෙම ප්‍රාන්තයේ ඇති එකම රෝහල මෙය වන අතර මෙම ප්‍රහාරයත් සමඟ එහි සියලුම වෛද්‍ය සැපයුම් විනාශ වී ඇති තිබෙනවා.
සුඩාන රජය විසින් මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කලේ.