මනාලිය බේර ගන්න ගිහින් දිවි පිදූ බාප්පා

Report

නව විවාහක යුවළක් ඇතුළු ඥාතීන් පිරිසක් ගගේ වාඩිය මෝය කටේ දිය නෑමට ගිය අවස්ථාවකදී මනාලිය අතුරුදහන් වී තිබෙනවා.

මේ අවස්ථාවේ ඇයව බේරා ගැනීමට ගිය බාප්පා දියේ ගිලී මිය ගොස් ඇති බව වනාතවිල්ලුව පොලිසිය ප්‍රකාශ කරයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 42 ක එම්. ෆරීන් නැමති පුද්ගලයෙක්.

මාලිමා ආණ්ඩුවෙත් දේපල වංචාවක්ද?

මාලිමා ආණ්ඩුවෙත් දේපල වංචාවක්ද?

අතුරුදන් වූ මනාලිය වයස අවුරුදු 22 ක අෆ්සානා නැමති තරුණියක්.

පොලිසිය ප්‍රකාශ කළේ අතුරුදහන් වූ තරුණියව තවමත් සොයා ගෙන නොමැති බවයි. අතුරුදහන් වූ තරුණිය මන්නාරම කල්පිටිය වන්නි මුන්දලම මොහොමදියා පුරම් ගමට නුදුරේ දී කැන්දා ගෙන පැමිණ ඇත.

ඒ අනුව ඇය සහ ඇගේ සැමියා ද ඇතුළත්ව ඥාතීන් පිරිසක් සති අන්ත නිවාඩුව විනෝදයෙන් ගත කිරීම සඳහා ඩිංගි යාත්‍රාවකින් කල්පිටිය කළපුව ඔස්සේ ගගේ වාඩිය මෝය කටට දිය නෑමට ගොස් ඇති බව සඳහන්.

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්

ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්

තවමත් අතුරුදහන් වී සිටින අෆ්සානා සොයා මේ වන විටත් නාවුක හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළ ඝණයේ නාවිකයින් මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇත.