ඡන්දෙට පැය කිහිපයක් තියෙද්දි අපේක්ෂකයා කළ හදියක්
මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වූ අපේක්ෂකයෙක් අයුතු ලෙස නිවසකට ඇතුළු වී අවුරුදු 19ක තරුණියකට ලිංගික අතවර කළා යැයි චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (3) පස්වරුවේ මෙලෙස මෙම අපේක්ෂකයාව අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය පැවසීය.
ලග්ගල ප්‍රාදේශීය සභාව සඳහා තරඟ කරන අත්අඩංගුවට ගත් මෙම අපේක්ෂකයා නැගී එන දේශපාලන පක්ෂයක් නියෝජනය කරන බව ද සඳහන්.
පොලිසියට ලද පැමිණිල්ලේ සඳහන් වන්නේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරණ කටයුතු නිමා වීමට පැය කිහිපයක් තිබිය දී නිවෙස්වලට ඡන්දය ඉල්ලීමට ගිය අවස්ථාවක මෙම සිදු වීම වාර්තා වූ බවයි.
මෙහි දී වැඩිදුරටත් ලග්ගල පොලිසිය ප්‍රකාශ කළේ තවත් අපේක්ෂකයන් දෙදෙනෙක් පොලිස් භාරයට ගෙන ඇප මත මුදා හැරි බවයි.
ඒ පෝස්ටර් 650ක් ළඟ තබා ගෙන සිටින බවට පොලිසියට ලද තොරතුරක් මතයි.