ෆේස්බුක් සමාගම කළ වරදකට දඩුවම් විදින්න වෙයි..

Facebook Sri Lanka Social Media Prison
By Aruna Jul 26, 2023 07:43 AM GMT
Aruna

Aruna

Report
Courtesy: Railway farse

ෆේස්බුක් සමාගමට ඩොලර් මිලියන 14ක වන්දියක් ගෙවන ලෙසට අධිකරණයක් විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මෙම නියෝගය ලබා දී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් අධිකරණයක් විසින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.

මෙටා සමාගමට අදාළ වන්දිය ඔස්ට්‍රේලියානු රජය වෙත ගෙවන ලෙසට අදාළ නියෝගය මගින් අධිකරණය වැඩිදුරටත් සඳහන් කර ඇත. ප

රිශීලකයින් නිසි අයුරින් දැනුවත් නොකිරීමේ චෝදනාවකට අදාළව අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙටා සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ ස්මාට් ජංගම දුරකථන යෙදවුමක් හරහා පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත නිසි දැනුවත් කිරීමකින් තොරව එක්රැස් කිරීම එම චෝදනාව බවයි පැවසෙන්නේ.

මෙටා සමාගමට එරෙහිව ඔස්ට්‍රේලියාවේ පාරිභෝගික කොමිසම විසින් අදාළ නඩුව පවරා තිබුණා.

වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ, එම යෙදවුම 271,000කට වැඩි වාර ගණනක් භාගත කර ඇති බවයි.

ReeCha