මුව ආවරණ හා Covid ආසාදනය අතර සම්බන්ධය ..
වයස අවුරුදු 12ත් 19ත් අතර සංජානනීය ආබාධ සහිත දරුවන් 27,000කට මේ වනවිට කොරෝනා වෛරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළා.එමෙන්ම මුව ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සරල ක්‍රියාමාර්ග මගින් කොරෝනා ආසාදනය බොහෝ දුරට වැළැක්විය හැකි බව නව අධ්‍යයනයකින්ද තහවුරු වී තිබෙනවා.
ඊයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 737 දෙනෙකු සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 555,196 ක් දක්වා ඉහළ ගියා. එසේම, පෙරේදා සිදු වූ කොරෝනා ආසාදිත පුද්ගල මරණ 15ක්ද ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ සමඟ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,072ක්.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම් විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා කියා සිටියේ මුඛ ආවරණ භාවිතය ඇතුළු සෞඛ්‍ය පුරුදු හේතුවෙන් දරුවන් අතර ස්වසන රෝගවල අඩුවක් දක්නට ලැබෙන බවයි.
කෙසේ වෙතත්, උණ වැනි රෝග ලක්ෂණ සහිත දරුවන් පාසල් යැවීමෙන් වළකින ලෙස ඔහු එහිදී ඉල්ලා සිටියා. මේ අතර යුරෝපයේ කොරෝනා ව්‍යාප්තිය නැවත ඉහළ යද්දී මුව ආවරණ පැලඳීම, අත් සේදීම වැනි සරල ක්‍රියාමාර්ගවලින් කොරෝනා ආසාදනය බොහෝ දුරට වළක්වාගත හැකි බව නව අධ්‍යනයකින්ද තහවුරු වී තිබෙනවා.
බ්‍රිතාන්‍යය වෛද්‍ය සඟරාවේ මේ පිළිබඳ වාර්තාවක් පළ කර ඇත්තේ, නව අධ්‍යයනයන් අටක ප්‍රතිඵල ඇගයීමට ලක් කිරීමෙන්. එහිදී අනාවරණ වී ඇත්තේ, මුව ආවරණ පැලඳීමෙන් කොරෝනා ආසාදනය අඩකින් අඩුකළ හැකි බවයි. දෑත් සේදීමද එලෙසින් කොරෝනා වළක්වන බව තහවුරු වී ඇති කරුණක්.
එමෙන්ම සමාජ දුරස්ථභාවය අවම වශයෙන් කොරෝනා ආසාදන අවදානම හතරෙන් එකකින් වළක්වන බව මෙහිදී අනාවරණ වී තිබෙනවා.
එන්නත්කරණය පමණක් කොරෝනා ආසාදනය වැළැක්වීමට ප්‍රමාණවත් නොවන බව මෙම අධ්‍යයනවලින් තහවුරු වන්නේ යැ යි වාර්තා ඉදිරිපත් කළ ඕස්ටේ්‍රලියාවේ මොනෑෂ් සරසවියේ වසංගත රෝග විද්‍යා පර්යේෂණ ප්‍රධානී ස්ටෙලා ටැලික් ප්‍රකාශ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
