කුරුණෑගල- දඹුල්ල අධිවේගය ගැන ඇහෙන අලුත් ආරංචිය

Report

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

සමස්ත මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්පුර්ණ අපේක්ෂිත ප්‍රතිලාභ සාක්ෂාත් කර ගැනීම පිණිස මුළු දිග කිලෝමීටර 58.6 ක් වන කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.

එම අදියරේ ඉදිකිරීම සඳහා හඳුනා ගත් ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කිරීම පිණිස 2025-06-09 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.

ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ භෞතික ප්‍රතිය 73.3%ක් වන අතර, ඉඩම් අත්පත් කර ගැනීම සඳහා තව දුරටත් වන්දි ගෙවීම සිදු කළ යුතුව තිබේ.

ඒ අනුව, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන අදියර IV මාර්ග කොටස ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පහත සඳහන් පරිදි පියවර ගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයෙන් විසින් අනුමත කර ඇත

  •  මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් එම අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල් සලසා ගැනීම පිණිස වන යෝග්‍ය මුදල් ප්‍රභවය හඳුනාගෙන, ඒ අනුව අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර දීම
  • එම අදියර භූ තාක්ෂණිකව සංවේදී ප්‍රදේශ හරහා දිවෙන බැවින්, ඉදිකිරීම ආරම්භ කිරීමට පෙර මූලික හා තාක්ෂණික පරීක්ෂණ, බෑවුම් ස්ථායිතාව සහ නායයෑම් අවදානම තක්සේරු කිරීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ඉටු කරවා ගැනීම.
  •  එම අදියර ප්‍රධාන හා සුළු ජල මාර්ග කිහිපයක් හරහා ගමන් කරන බැවින්, ජලවිද්‍යාත්මක නිර්මාණ, ගංවතුර අවදානම් තක්සේරුව සහ කුණාටු ජල කළමනා කරණ සැලසුම් සකස් කිරීම ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මඟින් ඉටු කරවා ගැනීම.

ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද? - ජනපතිගේ කතාව ගැන සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්

ජනාධිපතිවරයා මේ රටට හුන්ඩුවක් කියනවනම් අනෙක් අය කොහොම කියයිද? - ජනපතිගේ කතාව ගැන සීලරතන හාමුදුරුවන්ට හොදටම කේන්ති ගිහින්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්

රාජ්‍ය සේවයට එන්න ඉන්න ඔයාට මෙන්න අලුත්ම සුබ ආරංචියක්