රිලවුන් පමණක් නොව මොනරුත් රට යයි ද?.

Sri Lanka
By krishani Apr 17, 2023 02:41 AM GMT
krishani

krishani

Report

රිලවුන් පමණක් නොව, මොනරුන් ද හැකි නම් අපනයනය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර පැවසීය.

ඒ පුත්තලමේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.

රිලවුන් මෙන්ම, මොනරුන්ගෙන් සහ වන අලින්ගෙන් ද වගාවලට සිදුවන හානි වළක්වා ගැනීමට එම සතුන් පාලනය කළ යුතු බවත් රිලවුන් චීනයට අපනයනය කිරීමට එරෙහිව හඬ නගන ඇතැම් පිරිස් මුදල් ඉපයීමේ අරමුණින් එලෙස කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join