වාකරෙන් බෝම්බ මතුවෙලා පොලීසියත් උණුසුම් වේ
මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමුව ඇත.
අද (06) පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් එම පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර සොයාගත් තොගය තුළ RPG 38ක්, චාර්ජස් 38ක් සහ අත්බෝම්බ 05ක් ඇතුළත් බව පොලිස් වාර්තා වල සදහන් වේ.
මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය අඹන්තනාවේලි ප්‍රදේශයේ කුඹුරක තිබී සොයාගෙන ඇත.