අනතුරු සංඥා එකවර නාද වීමත් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට දරුණු ප්‍රහාර මාලාවක්
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) අද (26) උදෑසන යළිත් වරක් අනතුරු ඇඟවීමේ සංඥා නාද වීමත් සමඟ කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර වී ඇති බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි.
මෙම අනතුරු ඇඟවීම්වලින් පසුව ප්‍රබල පිපිරීම් හඬවල් කිහිපයක්ම ඇසුණු බව වාර්තා වන අතර, එය ගුවන් ආරක්ෂක පද්ධති මගින් එල්ල වූ ප්‍රහාරයක් අඩාල කිරීමකදී හෝ ප්රතිප්රහාරයකදී නිකුත් වූ හඬක් විය හැකි බවට සැක කෙරේ.
පසුගිය පැය 24 ක කාලය තුළ කලාපය තුළ දැඩි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකම් රැසක් සිදු වූ අතර, ඉරානයේ පළිගැනීමේ ක්‍රියාමාර්ගයක් ලෙස එල්ල වූ මෙම ප්රහාරයන්ට ලක්වූ රටවල් එක්ව ඉරානයේ ක්‍රියාකලාපය දැඩි ලෙස හෙළා දැකීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.
එවැනි දැඩි විරෝධතා සහ හෙළා දැකීම් මධ්‍යයේ වුවද, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයට (GCC) අයත් තවත් රටවල් කිහිපයකට ද ප්‍රහාර එල්ල වී ඇති බව අලුත්ම තොරතුරු වාර්තා කරයි.
මෙම තත්ත්වය හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව පිළිබඳ බරපතළ අවිනිශ්චිතතාවයක් නිර්මාණය වී ඇති අතර, ප්‍රහාර හේතුවෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව මෙතෙක් නිල තොරතුරු අනාවරණය වී නොමැත.