කැකිරාව රජයේ තානායමේ පිපිරීමක් - පුද්ගලයෙකුට බරපතළ තුවාල
අද උදෑසන කැකිරාව රජයේ තානායමේ මුළුතැන්ගෙය තුළ යම්කිසි පිපිරීමක් සිදුව ඇත.
මේ පිපිරීමෙන් එහි සිටි පුද්ගලයෙක් බරපතළ තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුලත්කර තිබේ .
අදාළ පිපිරීමෙන් එහි වහලයට සහ ගෘහ උපකරණවලට දැඩි හානි සිදුව ඇති අතර අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්ය .
කැකිරාව පොලීසිය විසින් අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි .