නිසොල්මන් නිල්වලා පවුලකටම කදුළු දුන් හැටි - ගගට බිළිවුන සූපවේදියා තවමත් අතුරුදන්
සිය රැකියාව සඳහා ගාල්ල බලා යාමට පැමිණි සූපවේදයකු නිල්වලා ගඟේ අකුරැස්ස නගරාසනයේ ඇති අනාරක්ෂිත ස්ථානයකින් ඇද වැටී අතුරුදන් වී ඇතැයි පොලීසිය සදහන් කර තිබේ .
මෙලෙස අතුරුදන්ව ඇත්තේ මොරවක, ඔලියමුල්ල ප්රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි තිදරු පියෙකි.
බස් රථයෙන් බැස සෙරෙප්පුව දැමීමට යාමේ දී ඔහු මෙලෙස ගඟට පෙරළී ඇති බව ද වාර්තා වේ .
කෙසේවෙතත් ඔහුගේ බිරිඳ සඳහන් කර සිටියේ ඔහු ඒ වන විටත් බීමත්ව සිට ඇති බවයි .
පොලිස් නිලධාරීන් හා ප්රදේශවාසීන් එක්ව ඔහු සොයා මෙහෙයුම් දියත් කළ ද මේ වන තුරු කිසිඳු තොරතුරක් වාර්තා වී නැත