ඊශ්‍රායලයේ සිටින විදේශිකයින්ට වීසා ගැන විශේෂ දැනුම්දීමක්
ඊශ්‍රායලයේ රැදී සිටින විදේශිකයින්ගේ කල් ඉකුත් වූ වීසා බලපත්‍රවල වලංගු කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට එරට ආගමන හා විගමන බලධාරීන් පියවර ගෙන ඇත.
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසන පරිදි, රැකියා, සංචාරක, ස්වෙච්ඡා සේවා, කෘෂිකාර්මික අභ්‍යාසලාභීන් හැරුණු විට, ශිෂ්‍ය, පූජක, ආගමික, සහ තාවකාලික නේවාසික වීසා කාණ්ඩ යටතේ රැදී සිටින පුද්ගලයින්ගේ කල් ඉකුත් වූ වීසා මෙලෙස යළි සක්‍රීය කර තිබේ.
තවද, පවතින යුද ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් හතර දෙනාගෙන් දෙදෙනෙකු තවමත් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දිනපතා සොයා බලන බවත් තානාපතිවරයා සඳහන් කළේය. මීට අමතරව, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සති අන්ත නිවාඡු ඇතුළුව සෑම දිනකම ක්‍රියාත්මක වන බව ද ඔහු ප්‍රකාශ කළා.
මේ අතර, ඉරානය විසින් ඊශ්‍රායලයේ නාගරික ප්‍රදේශ ඉලක්ක කරමින් හයවැනි දිනටත් බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එම මිසයිල සියල්ල ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් විනාශ කරන ලද බවත් තානාපති නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
