වියදම් අධික අමාත්‍යාංශ වාහන මාර්තුවේ වෙන්දේසි

Sri Lanka Sri Lanka Government
By Gagana News Feb 27, 2025 06:14 AM GMT
Gagana News

Gagana News

Report

ඉහළ නඩත්තු වියදමක් සහිත අමාත්‍යාංශ සතු වාහන ලබන මාර්තු මාසයේ වෙන්දේසි කිරීමට සැලසුම් කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

එමෙන් ම, රාජ්‍ය සේවයේ වියදම් අඩු කිරීම සඳහා රජයේ කාර්යාල සියල්ල රජයේ ගොඩනැඟිලිවලට ගෙන ඒම, භාවිත නොකරන කාර්යාල උපකරණ ඉවත් කිරීම, වසා දැමිය යුතු ආයතන, ඒකාබද්ධ කළ යුතු ආයතන සහ රාජ්‍ය පෞද්ගලික හිමිකාරිත්වයට ලබා දිය යුතු ආයතන හඳුනාගෙන ඒ සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේ ය.

අයවැයෙන් වෙන්කළ මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යොදවන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක රාජ්‍ය නිලධාරීන්ට අවධාරණය කර ඇත.

யாழில் பாரிய போராட்டம்! கலகமடக்கும் பொலிஸார் களத்தில்

யாழில் பாரிய போராட்டம்! கலகமடக்கும் பொலிஸார் களத்தில்

ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු දේශපාලන අධිකාරිය වියදම් අඩු කර ඇති බැවින් රාජ්‍ය ආයතනවල පරිපාලන වියදම් අඩු කිරීම සහ නාස්තිය අවම කිරීම රාජ්‍ය සේවයේ වගකීම බවද ජනාධිපතිවරයා පැවසීය.

සීමිත මූල්‍ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්‍රමුඛතා සහ ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් මෙවර අය-වැයෙන් ප්‍රතිපාදන වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අමාත්‍යාංශ ලේකම්වරු අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි.  

அர்ஜுன் மகேந்திரனை நாடு கடத்த முடியாது என சிங்கப்பூர் அறிவிப்பு!

அர்ஜுன் மகேந்திரனை நாடு கடத்த முடியாது என சிங்கப்பூர் அறிவிப்பு!


ReeCha