වාර්ෂිකව අපේක්ෂා කරන පොල් අස්වැන්න අඩුවෙයි
By Hashini
පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පවසන්නේ මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න පොල්ගෙඩි මිලියන 3000ක් වුවත් මේ වසරේදී එම ප්‍රමාණය ගෙඩි මිලියන 246කින් අඩු වී ඇති බවයි.
පොල් දෙසතිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකවට එක්වෙමින් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කිසිඳු හේතුවක් මත පොල් ගස් කැපීම නීතියෙන් තහනම් බවයි.
මෙරට අක්කර ලක්ෂ 11ක පමණ භූමි ප්‍රමාණයක පොල් වගාව සිදු කරන අතර මෙරට පොල් ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන කුරුණෑගල, පුත්තලම සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව පොල් වගාව බහුලව සිදුකෙරෙනවා.
මෙරට වාර්ෂික අපේක්ෂිත පොල් අස්වැන්න ගෙඩි මිලියන 3000ක් පමණ වන අතර වන සත්ත්ව හානි හා වගා හානි ඇතුළු උවදුර හේතුවෙන් එම අපේක්ෂිත පොල් අස්වැන්න පසුගිය වසරවල නොලැබී තිබුණි.