පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද පළිබෝධනාශක සහ බීඩි කොළ තොගයක් සමඟ සැකකරුවෙකු වෙන්නප්පුව පොලීසිය අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අවුරුදු 27ක කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
ඒ වගේම රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත වෙන්නප්පුව මා ඔය ප්‍රදේශයේදී කළ වැටලීමකදී මෙම සැකකරු අඩංගුවට ගෙන ඇත.
ඒ වගේම බීඩි කොළ කිලෝ ග්‍රෑම් 626ක් අඩංගු පාර්සල් 17ක්, පළිබෝධ නාශක බවට සැක කෙරෙන පැකට් 60,000ක් අඩංගු පාර්සල් 20ක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කරයි.
තවද වෙන්නප්පුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි .