පාසල්වල 06 ශ්‍රේණියට සිසුන්ගේ අයදුම්පත්‍ර යොමු කිරීම ගැන දැනුම්දීමක්
2025-05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී ඇති බව ඒ අතර ප්‍රතිඵල වෙනස් වූ සිසුන් සඳහා අයදුම්පත් කැඳවා විදුහල්පතිවරුන් විසින් මාර්ගගත පද්ධතියට ඇතුළත් කිරීම 2025.11.26 දින ආරම්භ කර ඇත.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ මාර්ගගතව අයදුම්පත්‍ර යොමු කිරීමේ හැකියාව 2025.12.05 දිනෙන් පසුව අක්‍රීය වන බව දන්වා තිබුනද පවතින ආපදා තත්වය හමුවේ එම දිනය 2025.12.12 ලෙස සංශෝධනය කර ඇති බවයි .
ඒ වගේම 2025 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මත පාසල්වල 2026 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීම මේ වන විට ආරම්භ කර නොමැති බව වාර්තා වේ.
ඒ වගේම ඒ පිළිබද සමාජ මාධ්‍ය ජාලවල සංසරණය වන පණිවුඩ අසත්‍ය ප්‍රචාර බව සදහන් කරයි.
තවද 2026-.06 ශ්‍රේණිය සඳහා පළමු වටයෙන් පාසල් සඳහා තේරී පත්වූ සිසුන් 2026 වර්ෂයේ ජනවාරි මස පාසල්වලට ඇතුළත් කිරීමෙන් පසුව පවතින පුරප්පාඩු සඳහා මාර්ගගතව අභියාචනා අයදුම්පත්‍ර කැඳවීම් සිදු කරනු ලබයි.